Sunday, April 28, 2024

General line - 0115112241

ආමි අමිල STF අත්අඩංගුවට




ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකරුවකු වන කළු සාගර නැමැත්තාගේ ගෝලයකු වන ආමි අමිල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ, දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

තංගල්ල දංකැටිය, ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් මිලි ග්‍රෑම් 3,780 ක් සහ තහනම් කඩුවක් ද ඔහු සතුව තිබූ බවයි පොලීසිය පැවසුවේ. 

ආමි අමිල නමැත්තාට එරෙහිව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් 3 ක්, කොල්ලකෑම් සහ පහරදීම් සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු දැනට විදේශගතව සිටින ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකරුවකු වන කළු සාගර නැමැත්තාගේ සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන් සඳහා සෘජු සම්බන්ධතා පවත්වන බවට ද තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලීසිය පැවසුවේ.