Sunday, April 28, 2024

General line - 0115112241

එළවළු මිල අහස උසට - මිල තවත් ඉහළ යන ලකුණු

රංජිත් රාජපක්‍ෂ




මේ වනවිට වෙළදපොලේ එළවළු මිල ගණන් ඉහළ අගයක් ගෙන තිබෙනවා. ජනතාව අතර සුලභ එළවළු වර්ගවල ග්‍රෑම් 250 ක පවා මිල රුපියල් 60 සීමාව පවා ඉක්මවා ගොස් ඇති බවයි වෙළදපොලේ කළ සංචාරයකදී නෙත් නිවුස් කණ්ඩායමයට දැකගත හැකි වුණේ. 

නුවරඑළියේ එළවළු මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති ආකාරය එහිදී දැකගත හැකි වූ ප්‍රධාන කරුණක්. පවතින තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් මැනිං පොදු වෙළද සංගමයේ සභාපති එච් එන් උපසේනගෙන් විමසීමක් කළා.

නුවරඑලියේ එලවළු ගොවීන් පවසන්නේ එළඹෙන නත්තල් උත්සව සමයේ වෙලදපොලේ ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් තමන්ට ලබාදිමට නොහැකි බවයි. ඒ හේතුවෙන් නත්තල් සමයේ එළවළු මිල දැනට පවතින මිලට වඩා අධික ලෙස ඉහල යා හැකි බවයි ඔවුන් පැවසුවේ. නුවරඑලියේ වගා කරන ඇතැම් එළවළු වර්ග වෙලදපොලේ දක්නට පවා නොලැබෙන තත්ත්වයක් උද්ගත වන බව ද නුවරඑලිය එළවළු ගොවින් පවසනවා.

එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් කැරට්, ගෝවා, ලික්ස්, අර්තාපල්, සලාද ඇතුළු එළවළු වර්ග කිහිපයක් මේ වන විට වගා කර ඇති බවත්, රසායනික පොහොර සහ කෘෂි රසායනික නොමැතිවීමෙන් අස්වැන්න අඩුවී ඇති බවත් නුවරඑලිය ගොවින් පවසනවා. 

එළවළු වගාවේ නිරත කම්කරුවන් වගාව අත්හැර වෙනත් රැකියාවක නිරත විම හා ඇතැම් ගොවීන් එළවළු වගාවෙන් ඉවත් වීම එළවළු මිල ඉහළ යාමට ඍජුව බලපා ඇති බවයි ඔවුන් පැවසුවේ.