Wednesday, May 8, 2024

General line - 0115112241

රජයේ සේවකයන්ගෙන් අනතුරු ඇඟවීමක් 




සිය ඉල්ලීම්වලට විසදුම් නොලැබුණොත් ලබන 29 වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක බී ඒ පී බස්නායක පැවසුවේ 2022 අයවැය යෝජනාවලියෙන් රාජ්‍ය නිලධාරීන් නොසලකා හැරීම සම්බන්ධයෙන් ඉකුත් 13 වනදා ජනාධිපතිවරයා ලිඛිතව දැනුවත් කර ඇති බවයි.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක බී ඒ පී බස්නායක මෙලෙස පැහැදිලි කළා.

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය සදහා සෞඛ්‍ය වෘත්තීය සමිති එක් කර ගැනීමට ද සාකච්ඡා ආරම්භ කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.