Wednesday, May 8, 2024

General line - 0115112241

එළවළු මිල තවත් ඉහළට ?




හෙට දිනයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල තවත් ඉහළ යනු ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය පවසනවා. 

අද දිනයේද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු කාංචන ආරියදාස පැවසුවේ. 

මේ අතර උඩරට සහ පහත රට එළවළු වර්ග රැසක මිල තවදුරටත් ඉහළ යාම හමුවේ තම ව්‍යාපාර කටයුතු ද පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු වෙළදුන් පවසනවා. 

නෙත් නිවුස් හැටන් වාර්තාකරු රංජිත් රාජපක්‍ෂ අද වෙළදපොළ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ ව්‍යාපාරිකයන් මේ බව සදහන් කළා.