Wednesday, May 8, 2024

General line - 0115112241

කාලේ බෝතල් තහනම් කිරමට පරිසර ඇමැති සැරසෙයි




මත්පැන් කාලේ බෝතල් තහනම් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

2018 වසරේදී මත්පැන් කාලේ බෝතල් කෝටි 10 කට ආසන්න සංඛ්‍යාවක් භාවිත කර ඇති අතර ඉන් බොහෝමයක් පරිසරයට බැහැර කිරීම හේතුවෙන් පරිසරයට විශාල හානියක් සිදුව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මත්පැන් කාලේ බෝතල් තහනම් කරන ලෙස විවිධ පාර්ශව රැසක් ද ඉල්ලීම් කර තිබෙනවා. 

භාවිත කිරීමෙන් පසු මත්පැන් කාලේ හිස් බෝතල් සියයට සියයක්ම පරිසරයට මුදාහරින බවට තහවුරු වී ඇති බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

අනුරාධපුරය, ථූපාරාමය පෙත්මග දෙපස රුක් රෝපණ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මත්පැන් කාලේ බෝතල් නිෂ්පාදනය නතර කළ යුතු බව දුම්කොළ හා මධ්‍යසාර අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ ද ඉකුත් දා ප්‍රකාශ කර තිබුණා.