Tuesday, May 7, 2024

General line - 0115112241

එක රටක් - එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය මහජන අදහස් විමසීම අරඹයි




එක රටක් - එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය මහජන අදහස් විමසීම උතුරු පළාතෙන් අද ආරම්භ කළා. 

යාපනය, වාලම්පුරි ශාලාවේ පැවැති අදහස් විමසීමේ අවස්ථාවට නීතීඥකයින්, වෘත්තිකයින්, ආගමික නායකයින්, ශිෂ්‍යයින් මෙන්ම සිවිල් ජනතාව ද එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

සෙසු පළාත් 08 ද ආවරණය වන පරිදි ඉදිරියේදී ජනතා අදහස් විමසන බවයි එක රටක් - එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය සඳහන් කළේ. එක රටක් එක නීතියක් යථාර්ථයක් බවට පත් කිරීමට අධිෂ්ඨානශීලීව කැපවන බව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් යාපනයේදී මහජන අදහස් විමසීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළේ. 

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක රටක් - එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්.