Saturday, May 4, 2024

General line - 0115112241

වසර 04කට පසු උද්ධමනය වාර්තා ගත ලෙස ඉහල නගීි




මෙරට උද්ධමනය වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

සැප්තැම්බර් මාසයේ සියයට 6.2 ක්ව පැවැති මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසය වනවිට සියයට 8.3 ක් දක්වා ඉහළ ගොස් තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.

එය සැලකෙන්නේ වසර 4 කට පසු මෙරටින් වාර්තා වූ වැඩිම උද්ධමනය ලෙසයි.

මීට පෙර 2017 වසරේ නොවැම්බර් මාසයේදී සියයට 8 .4 ක් ලෙස උද්ධමනය වාර්තා වී තිබුණා.

ඔක්තෝම්බර් මාසයේදී උද්ධමනය ඉහළයාමේදී ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකේම මාසික මිල ගණන් ඉහළ යාම හේතුවූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.

ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 10 සිට 11.7 දක්වාද, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 3 සිට සියයට 5 .4 ක් දක්වා ද ඉහළ ගොස් තිබෙනවා.