Saturday, May 4, 2024

General line - 0115112241

කාන්තා අයිතිවාසිකම් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි




පාර්ලිමේන්තුවේ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් අද සභා රැස්වීම ආරම්භ වූ මොහොතේම උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි විසින් ඉකුත් දා සිදුකරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කථානායකවරයා සිය තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවයි.

මේ, අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අතර මෙවන් සංවාදයක් ඇතිවුණා.

ඉන් අනතුරුව අදහස් දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර.

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් සිය වරප්‍රසාද කඩවූ බවට පැමිණිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න අනතුරුව අදහස් පළ කළා.

මේ අතර අයවැය 03 වන කියවීමේ විවාදය මේවනවිටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.