Friday, May 10, 2024

General line - 0115112241

සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිපැදීම පරීක්ෂා කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව




කොවිඩ් වසංගත තත්ත්වය පාලනය සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිපැදීම පරීක්ෂා කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. 

ඊයේ දිනයේදී පමණක් පොදු ස්ථානවල ගැවසුනු සහ පොදු ප්‍රවාහන සේවාවල ගමන්ගත් පුද්ගලයින් 23193 දෙනෙකු බස්නාහිර පළාත තුලදී පරීක්ෂාවට ලක් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. 

එහිදී පුද්ගලයින් 6,324 දෙනෙකුට අවවාද කර ඇති අතර මුඛ ආවරණ නොමැති සහ පිරිසිදු මුව ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 4351 දෙනෙකුට මුව ආවරණ ලබාදීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. 

යතුරු පැදි 3328 ක සහ ත්‍රී රෝද රථ 3,777 ක පුද්ගලයින් 11, 340 දෙනෙකුද ඊයේ දිනයේ පරීක්ෂාවට ලක් කර ඇති අතර ඒ අතරින් 3, 334 දෙනෙකුට අවවාද කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා. 

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ ඊයේ උදෑසන 10 සිට 12 දක්වාත් පස්වරු 03 සිට 05 දක්වාත් කාලය තුළයි.