Friday, May 10, 2024

General line - 0115112241

පුංචි ඡන්දයත් කල් යයිද? විපක්ෂය ආණ්ඩුවෙන් අසයි




අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි. 

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සහ පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් අද දිනයේ විවාදයට ගැනෙනවා. 

එම විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරයි. 

පළාත් පාලන ආයතන මැතිවරණය වසරකින් කල් දැමීමේ සූදානමක් පවතින්නේ දැයි මන්ත්‍රීවරයා එහිදී ආණ්ඩුවෙන් විමසා සිටියා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද විවාදයේදී අදහස් පළ කළා. 

>