Friday, May 10, 2024

General line - 0115112241

අදුරු ආලෝක තත්ත්වය ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය පමා කරයි 




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා. 

ලකුණු 348 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන කොදෙව් කණ්ඩායම අදුරු ආලෝක තත්ත්වය හේතුවෙන් අද තරගය නතර කරන විට කඩුළු 6 ක් දැවී ලකුණු 52 ක් ලබා අසීරු අඩියක පසු වුණා. 

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම අද අත්හිටුවනු ලැබුවේ කඩුළු 4 කට ලකුණු 191 ක් ලබා සිටියදීයි. ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සදහා ලකුණු 386 ක් රැස් කළ අතර කොදෙව් පිල ඊට පිළිතුරු ලෙස ලබාගත්තේ ලකුණු 230 ක් පමණයි.  

ඒ අනුව කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය සදහා තවත් ලකුණු 296 ක් රැස්කළ යුතු අතර ඔවුන්ට අතැතිව ඇත්තේ කඩුළු 4 ක් පමණයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ හෙට අවසන් දිනයයි.