Friday, May 10, 2024

General line - 0115112241

නව කොවිඩ් ප්‍රභේදයට බියෙන් එංගලන්තය දොර වසා දමයි




දකුණු අප්‍රිකාවෙන් හදුනා ගැණුනු නවතම කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් අප්‍රිකානු කලාපයේ රටවල් 6 ක් රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට එංගලන්තය තීරණය කර තිබෙනවා.

එම රටවල් අතරට දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ සහ බොස්වානා ද ඇතුළත්.

එම රටවල සිට සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීමටයි එංගලන්තය තීරණය කර ඇත්තේ. එම රටවල් හයේ සංචාරය කර ඇති කිසියම් අයෙකු එංගලන්තයට පැමිණෙන්නේ නම් ඔවුන්ට නිරෝධායනයවීමට සිදුවන බවටද එරට සෞඛ්‍ය අංශ දැනටමත් අනතුරු අගවා තිබෙනවා.

ගත වූ දින 10 ක කාලය තුළ රතු ලැයිස්තුවට එක් කළ අප්‍රිකානු රටවල් හයේ සංචාරය කර ඇති බි්‍රතාන්‍ය නොවන ජාතිකයින්ට එංගලන්තයට ඇතුළුවීම තහනම් කිරීමද විශේෂත්වයක්.

එංගලන්ත සෞඛ්‍ය ලේකම් සජිබ් ජාවේඩ් පවසන්නේ මෙම නව කොරෝනා ප්‍රභේදය පිළිබද සිය රට දැඩි සැලකිල්ලෙන් පසු වන බවයි.

එංගලන්තය මෙම තීරණය ගැනීමට හේතුවී ඇත්තේ මෙතෙක් හමු වූ දරුණුතම විකෘතියන් පෙන්වන නවතම කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනීමයි.

විද්‍යාඥයින් පවසන්නේ එන්නතේ ආරක්‍ෂාව පවා අභියෝගයට ලක් කරන මෙම කොවිඩ් ප්‍රභේදය මේ දක්වා පරීක්‍ෂණවලින් තහවුරු වී ඇති වඩාත්ම දැඩි ලෙස විකෘති වූ ප්‍රභේදය බවයි.