Friday, May 10, 2024

General line - 0115112241

රසායනික පොහොර ගෙන්වීමට මෙතෙක් නිල දැනුම්දීමක් නැහැ - පොහොර ලේකම් කාර්යාලය කියයි




රසායනික පොහොර ආනයනය සදහා පනවා තිබූ තහනම ඉවත් කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළද ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නැතැයි පොහොර ලේකම් කාර්යාලය පවසනවා.

එම තීරණය ලැබෙන තෙක් පෞද්ගලික සමාගම්වලට රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදීමේ හැකියාවක් නොමැති බවයි පොහොර ලේකම් කාර්යාලයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සදහන් කළේ.

පොහොර සමාගම්ද එම තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ නිල දැනුම්දීම ලැබෙන තෙක් බලා සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ඊට හේතුව වන්නේ යූරියා සහ ටී එස් පී යන පොහොර වර්ග ආනයනය සදහා අවසර හිමි වුවද එම් ඕ පී පොහොර සදහා ආනයනයට අවසර හිමි නොවන බවට   වාර්තා පළවී තිබීමයි.

රසායනික පොහොර ආනයනය සදහා පනවා තිබූ තහනම ඉවත් කිරීම යනු පෙර පැවති තත්ත්වයටම පොහොර ආනයනය කළ හැකි ද? එසේත් නොමැති නම් කුමන සීමා යටතේ පොහොර ආනයනය කළ යුතු දැයි මෙතෙක් ප්‍රකාශ නොවීම ගැටළුවක් බවයි පොහොර ලේකම් කාර්යාලය පැවසුවේ.

පොහොර ආනයනය සදහා අවසර ලබාදෙන බලයලත් ආයතනය වන්නේ පොහොර ලේකම් කාර්යාලයයි.