Friday, May 10, 2024

General line - 0115112241

නව විභාග කොමසාරිස්වරයෙක් පත් කරයි




නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස එල් එම් ඩී ධර්මසේන පත් කර තිබෙනවා.

ඔහු සිය ධුරයයේ ලබන 29 වනදා රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි.

එල් එම් ඩී ධර්මසේන මේ වනවිට කටයුතු කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසයි.

විභාග කොමසාරිස් ජනරාල් ධුරයේ කටයුතු කරන සනත් බී පූජිත අද දිනයේ විශ්‍රාම යනවා.

ඔහු විභාග කොමසාරිස් ජනරාල් ධුරයේ සිටියදී සහභාගි වන අවසන් වැඩසටහන නෙත් එෆ් එම් සජීවිත වැඩසටහනයි.

එය අද රාත්‍රී 7.30 ට ප්‍රචාරය කෙරෙනවා.