Friday, May 10, 2024

General line - 0115112241

පාලම් පාරු සදහා නව නීති හදුන්වාදීමට යයි




පාසල් දරුවන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකුට මරු කැදවමින් කින්නියා කලපුවේ සිදුවූ ඛේදවාචකයෙන් පසු පාලම් පාරු සදහා නව නීති හදුන්වාදීමට අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇති පාලම් පාරු හා බෝට්ටු සදහා අවසර ලබාදීමේදී නව නිර්ණායක හදුන්වාදීමටයි තීරණය කර ඇත්තේ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් නෙත් නිවුස් වෙත කියාසිටියේ මගීන් යාත්‍රා කරන පාලම් පාරු සම්බන්ධයෙන් විශේෂ තත්ත්වය පරීක්‍ෂාවක්ද සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් වැඩිදුරටත් පැවසුවේ සෑම මාසයකටම වරක්ම මෙම නිර්ණායක අනුගමනය කරනවා දැයි විශේෂයෙන් සොයාබලන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි.

කින්නියා කලපුවේ සිදුවූ පාලම් පාරු අනතුර සම්බන්ධයෙන් මේ වනවිටත් කින්නියා නගර සභාවේ සභාපති ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ එහි හිමිකරු මීට පෙර රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

එම අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රමාණය ඉක්මවා ආරක්‍ෂිත කබායක් හෝ නොමැතිව අනාරක්‍ෂිත ලෙස පාසල් දරුවන් ඇතුළු 30 කට ආසන්න පිරිසක් පාලම් පාරුවේ සිටි බවයි අනාවරණය වී ඇත්තේ.