Friday, May 10, 2024

General line - 0115112241

පොලිසියට තර්ජනය කරන පුද්ගලයෙකු ගැන අනාවරණයක්




සමාජයේ විවිධ උසස් පුද්ගලයින්ගේ නම් භාවිත කරමින් කැස්බෑව පොලීසියේ නිලධාරීන්ට තර්ජනය කරන පුද්ගලයෙකු සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා. මෙම පුද්ගලයා ඉකුත් 2 වනදා අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නේ කැස්බෑව පොලීසියයි. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරෙන මෙම පුද්ගලයා, ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම ආරම්භ කරන්නේ ඉන් පසුවයි. 

මෙලෙස තර්ජනයට ලක් වන්නේ එස් පෝල්සන් සහ යාපා බණ්ඩාර යන කැස්බෑව පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙක්. ඔවුන්ට තර්ජනය කරන්නේ ගයාන් මධුසංඛ නමැත්තෙක්. ඒ, තම පියා උසස් පොලිස් නිලධාරියෙකු බව පවසමින්. මේ එම සිද්ධිය තහවුරුකරන දුරකථන සංවාදයක්.

පොලිසි නිලධාරීන්ට තර්ජනය කරන බවට චෝදනා එල්ල වී ඇති ගයාන් මධුසංඛ නැමැත්තා කැස්බෑව පොලීසියේ  ස්ථානාධිපතිවරයා සමග සිදු කෙරෙන සාකච්ඡාවක් ඔහු විසින්ම පටිගත කර වෙනත් පුද්ගලයින්ටද ලබා දී ඇති බවටද නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා. මේ එම හඬපටයයි.