Monday, May 6, 2024

General line - 0115112241

කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගෙන්වීමත් අර්බුදයක




අප්‍රිකානු රටවල් කිපයක සංචාරකයින්ට මෙරටට ඇතුලු වීම තහනම් කිරීමත් සමග සිම්බාබ්වේ රැදී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට ගෙන්වා ගැනීමද අසීරු වී තිබෙනවා. 

ලෝක කුසලාන එක්දින තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක්විම සදහා සිබ්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 6 දෙනෙකුද එරටදී කොරෝනා ආසාදිතයින් ලෙසද හදුනා ගැනුනා. 

එම ක්‍රීඩිකාවන් හය දෙනා හැර සෙසු ක්‍රීඩිකාවන් දිවයිනට ගෙන්වා ගැනිම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කරමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ. 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරන බවද ඔහු සදහන් කළා. අප්‍රීකානු රටවල  සීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රොන් කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියද වහාම ක්‍රියාත්මක වන පරිදී අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ තීරණය කළා.