Saturday, April 27, 2024

General line - 0115112241

සමාගම් දෙකම පාන් පිටි මිල වැඩි කරයි




තිරිගු පිටි මිල ඉහළ දැමූ බව තිරිගු පිටි ආනයනය කරන සමාගම් දෙකම පවසනවා. ප්‍රිමා සමාගම ඉකුත් සති අන්තයේ පැවසුවේ තිරිගු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 17.50 කින් ඉහළ දමන බවයි. 

තම සමාගමද තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 17.50 කින් ඉහළ දැමූ බව සෙරන්ඩිබ් සමාගමද අද පැවසුවා. 

තිරිගු පිටි මිල වැඩි කිරීමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් හා සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් වැඩි කිරීමට බේකරි හිමියන් කටයුතු කර තිබෙනවා. 

එහෙත් එම බේකරි නිෂ්පාදන අළෙවිය අද දිනයේ පහල ගොස් තිබූ බවයි බේකරි හිමියන් පැවසුවේ.