Saturday, April 27, 2024

General line - 0115112241

අර්ජුන එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙයි




හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. 

ඊට අදාළ ලිපිය එක්සත් ජාතික පක්‍ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ බවයි අර්ජුන රණතුංග පැවසුවේ. ඉකුත් වසරේ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය ලැබූ දැවැන්ත පරාජයක ස්වයං විවේචනාත්මකව පිළිගත යුතු බවයි ඔහු සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ. 

වත්මන් සහ අනාගත අභියෝග ජයගැනීමට සුදුසු වැඩපිළිවෙලක් සැකසීමට පක්‍ෂය මේ වනවිටත් අපොහොසත් වී ඇති බවද  අර්ජුන රණතුංග පවසනවා. 

මේ හේතුවෙන් තවදුරටත් පක්‍ෂයේ රැදී සිටීම ඵලක් නොමැති බව හැගෙන බැවින් තමන් පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන බවයි අර්ජුන රණතුංග පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියේ සදහන් කර ඇත්තේ.