Monday, April 29, 2024

General line - 0115112241

කංසා අපනයනයට ඉදිරි මාස 03 ඇතුලත අනුමැතිය 




කංසා අපනයනය සඳහා අවශ්‍ය නීතිමය අනුමැතිය ඉදිරි මාස 03 ඇතුලත ලබාදීමට කටයුතු කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 

ඒ, අයවැය කාරක සභා විවාදයේ හත්වැනි දිනය වූ අද විවාදයට එක් වෙමින්. සෞඛ්‍ය අමාත්‍යංශය, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැණුනා. එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ද විවාදයට එක්වූ අතර ඔහු එල්ල කළ චෝදනා කිහිපයකට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පිළිතුරු ලබාදුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාරය හර්ෂ ද සිල්වා ද විවාදයට එක්වුණා.

ඉන් අනතුරුව විවාදයට එක්වූ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මෙලෙස අදහස් පළ කළා.