Monday, April 29, 2024

General line - 0115112241

ලාෆ් ගෑස් සඳහා මිල සූත්‍රයක් 




ලාෆ් ගෑස් සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව එම සමාගමේ සභාපති ඩබ්ලිවී කේ එච් වෑගපිටිය පවසනවා. 

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු කියා සිටියේ බොහෝ දුරට ලබන ජනවාරි මාසයේ සිට එම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවයි.

ශීත සෘතුවෙන් පසු එළඹෙන පෙබරවාරි සහ මාර්තු මාසය වන විට ලෝක වෙළඳපොළේ ගෑස් මිල ගණන් අඩුවනු ඇති බවද ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා මෙහිදී අනාවරණ කළා.