Monday, April 29, 2024

General line - 0115112241

කොදෙව්වන් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟයට වර්ෂාවෙන් බාධා 




සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය වූ අද දිනයේ සවස් භාගයේ වර්ෂාව හේතුවෙන් තරඟයට බාධා එල්ල වුණා. 

ඒ හේතුවෙන් තරඟය නතර කරන විට සිය පළමු ඉණිම ක්‍රීඩා කරන බටහිර ඉන්දිය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 69 ක් රැස්කරගෙන සිටියා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සිය පලමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 204 ට පිළිතුරු ලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 09 ලකුණු 91 ක් තුළ බිද දැමීමට කොදෙව් දඟ පන්දුයවන්නන් සමත් වුණා. පන්දු යැවීමේදී වීර්සමී පර්මෝල් ලකුණු 35 කට කඩුලු 05 ක් දවාගත් අතර පර්මෝල් වරිකන් ලකුණු 50 කට කඩුලු 04 ක් දවා ගත්තා. 

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක ලකුණු 73 ක් රැස් කළා.

බටහිර ඉන්දිය කණ්ඩායමේ පළමු ඉනිම වෙනුවෙන් ජෙරමින් බ්ලැක්වුඩ් ලකුණු 47 ක් රැස් කළා. 

නොදැවී කඩුල්ලේ රැදී සිටි ක්‍රේක් බ්‍රැත්වෙට්ලකුණු 28 ක් සහ නික්රුමා බෝර්නර් නොදැවී එක් ලකුණක් ලබා සිටියා. 

ඒ අනුව කඩුලු 09 ක් අතැතිව සිටින කොදෙව් කණ්ඩායම ශ්‍රි ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 135 ක් පසුපසින් සිටිනවා. 

තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියී.