Monday, April 29, 2024

General line - 0115112241

ලෝක ඒඩ්ස් දිනය අදයි - සැගවුණු ආසාදිතයින් 1,100 ක් ශ්‍රී ලංකාවේ




ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. “අසමානකම් දුරු කර ඒඩ්ස් අවසන් කරමු, වසංගත පරදවමු” යන්න මෙවර එහි තේමාවයි. 

ලෝක ඒඩ්ස් දිනය සෑම වසරකම දෙසැම්බර් මස පළමුවන දින සමරනු ලබන්නේ ඒඩ්ස් පිළිබද දැනුවත් කිරීම, කොන් කිරීම හා වෙන් කොට සැලකීම පිටුදැකීම මෙන්ම ආසාදිතයින්ට සහයවීම අරමුණු කරගෙනයි. 

මෙරට තුළ HIV ආසාදිතයින් 3,700 ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇතත් ඒ අතරින් ප්‍රතිකාර ලබාගන්නේ 2,600 ක් පමණ බවයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පැවසුවේ.

ඒඩ්ස් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව ද විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි කරුණු පැහැදිලි කළා.