Monday, April 29, 2024

General line - 0115112241

කොළඹ වරාය අසල, මාර්ගය හරහා ජලය ගලායාමේ සිද්ධියක්




කොළඹ වරාය අසල ශ්‍රී උත්තරානන්ද මාවතේ මාර්ගය හරහා ජලය ගලායාමේ සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් අද උදෑසන සිදුකළ අනාවරණයට ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රතිචාර දැක්වූවා.

එහි ව්‍යාපෘති භාර අතිරේක සාමාන්‍යාධිකාරි රංජිත් සමරසිංහ සදහන් කළේ ශ්‍රී උත්තරානන්ද මාවතේ මාර්ගය හරහා ජලය ගලායාම ජල නළයක සිදුවූ පුපුරායාමක් හේතුවෙන් සිදූවක් නොවන බවයි.

මාලිගාකන්ද ප්‍රදේශයේ සිට කොළඹ නගරයට ජලය ගෙන ඒමට අලුතින් එළන ලද ජල නල පද්ධතිය පිරිසිදු කිරීමේ කටයුතු ඊයේ රාත්‍රියේ සිදුවූ බවත් ඒ හේතුවෙන් ජලය ගලායාම සිදුවූ බවත් එහිදී ප්‍රකාශ කෙරුණා.

කෙසේවෙතත් ශ්‍රී උත්තරානන්ද මාවතේ මාර්ගය හරහා අධික ලෙස ජලය ගලායාම හේතුවෙන් එම මාර්ගයේ ගමන්ගත් රියදුරන් ඊයේ රාත්‍රියේ දැඩි අපහසුතාවට පත් වූ බවයි නෙත් නිවුස් අද උදැසන අනාවරණ කළේ.