Monday, April 29, 2024

General line - 0115112241

දකුණේ අධ්‍යාපන ගැටළු විසදන්න ජංගම සේවයක්




දකුණු පළාතේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පවතින ගැටඵ විසදිම සදහා  විශේෂ ජංගම සේවා වැඩසටහනක් පවත්වන්නැයි ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ නිලධාරින්ට උපදෙස් ලබාදි තිබෙනවා.

ඒ යටතේ විදුහල්පතිවරු, ගුරුවරු  සහ අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින්ගේ රාජකාරීමය ගැටළු විසදීමට නියමිතයි.

දකුණු පළාතේ කළාප කාර්යාල 11ක ගුරුවරු, විදුහල්පතිවරු හා අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින් 30000කට ආසන්න පිරිසක් සේවය කරනු ලබනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්‍ද්‍ර කර ගනිමින් පළමු ජංගම සේවාව ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.