Monday, April 29, 2024

General line - 0115112241

පාසල් ළමුන් පිළිබද කටයුතු කිරීමේදී පොලිසියෙන් අනතුරු ඇඟවීමක්




පාසල් ළමුන් පිළිබද කටයුතු කිරීමේදී නාදුනන පුද්ගලයින් මෙන්ම පාසලට නොගැලපෙන පුද්ගලයින් පාසල් තුළට කැඳවා ගැනීමෙන් වළකින්නැයි පොලීසිය අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ, හාලිඇල ප්‍රදේශයේ විද්‍යාලයක දරුදැරියන්ට පැවැත්වූ බව කියන මනෝවිද්‍යාත්මක වැඩසටහනක් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී සිද්ධියක් සැලකිල්ලට ගනිමින්.

ඒ සදහා පැමිණි උපදේශකවරයා කළු පැහැති ඇදුමින් සැරසුනු පෞද්ගලික ආරක්‍ෂකයින් සමග පැමිණ සිට ඇත්තේ ගිනි අවියක්ද ළඟ තබාගෙන බවටයි පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ.

ඒ අනුව කළ විමර්ශනයකදී අනාවරණ වී ඇත්තේ මෙම වැඩසටහන සදහා පළාත් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ගේ කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බවයි.

වැඩසටහන මෙහෙය වූ පුද්ගලයා කිසිදු ලියාපදිංචි ආයතනයක හෝ එවැනි වැඩසටහන් පැවැත්වීමේ සුදුසුකම් ලැබූ අයෙකු නොවන බවද අනාවරණ වී තිබෙනවා.

මෙම පුද්ගලයා සමග පැමිණි ආරක්‍ෂකයින් තිදෙනා සතුව තිබී වායු රයිෆලයක්, උණ්ඩ 129 ක් සහ ගමන් කථන 3 ක් ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් සියලුදෙනාම අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් හලාවත, රත්මලාන සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.