Monday, April 29, 2024

General line - 0115112241

ගෑස් ප්‍රශ්ණයට හේතු හෙළිවෙයි




ගෑස් කාන්දුවීමෙන් සිදුවන අනතුරුවලට ප්‍රධාන හේතුව ලෙස ගෑස්වල සංයුතිය වෙනස්වීම මෙන්ම සිලින්ඩරයට සම්බන්ධ වන රෙගියුලේටරය නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවීම එක ලෙස බලපා ඇති බව රසායනික විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

බ්‍රිතාන්‍ය රාජකීය රසායන විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති රසායන විද්‍යාඥ ආචාර්ය පියල් ආරියනන්ද නෙත් නිවුස් කළ විමසීමකදී මේ බව සදහන් කළා.

ශ්‍රී ලංකාවේ අළෙවි කෙරෙන ඉලෙක්ට්‍රානික් ඇතුළු බොහෝ භාණ්ඩ නිසි ප්‍රමිතීන්ට අනුකූල නොවීම බරපතල ගැටළුවක් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මෙරට තුළ ප්‍රමිතිය ලබාදී ඇත්තේ බහුතරයක් ප්‍රසිද්ධ වෙළද සන්නාමයන්ට පමණක් වන අතර ඒ හා සමාන ප්‍රමිතියෙන් තොර ඉලෙක්ට්‍රානික් ඇතුළු භාණ්ඩ වෙළදපොලට නිකුත්වී තිබීම තවත් ගැටළුවක් බවයි රසායන විද්‍යාඥ ආචාර්ය පියල් ආරියනන්ද මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර ගෑස් සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳ ඊයේ රැස්වූ වෙළඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා රැස්වීමේ වාර්තාව අද දිනයේදී සභාවට ඉදිරිපත් කරන්නේදැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද විමසීමක් කළා.

ඊට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද ප්‍රතිචාර එහිදී ප්‍රතිචාර දැක්වුවා.