Sunday, April 28, 2024

General line - 0115112241

චීනයේ කොරෝනා ආරක්ෂක පිළිවෙත් තවත් දැඩි කෙරේ




චීනය සිය කොරෝනා ආරක්ෂණ පිළිවෙත් තවත් දැඩි කර තිබෙනවා.

ඒ අනුව බෙයිජිං අගනුවර ආශ්‍රිතව මහජන ඒකරාශිවීම්, මුඛ ආවරණ පැලදීම්, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම් ආදියට අදාළ නීති දැඩි කොට ඇති බව සදහන්.

එළ⁣ඹෙන පෙබරවාරි මාසයේ  චීනයේ බෙයිජිංහි පැවැත්වෙන සීත සෟතු ඔලිම්පික් උළෙල හේතුවෙන් දැන් සිටම මෙම දැඩි සීමා ක්‍රියාත්මක බව සදහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ක්‍රීඩා උළෙලට සමගාමීව සම්පූර්ණයෙන්ම කොරෝනා වාර්තා නොවන තත්වයක් පවත්වාගෙනයාම චීන බලධාරීන්ගේ අපේක්ෂාව වී ඇති බවයි.

කෙසේවෙතත්,මෙම පාලනය හේතුවෙන් බෙයිජිං වැසියන්ට මහත් දුෂ්කරතාවයන්ට සහ අයිතිවාසිකම් සීමා කිරීම්වලට යටත්වීමට සිදුව ඇති බවද සදහන්.

මේ අතර 2022 බෙයිජිං සීත සෟතු ඔලිම්පික් උළෙල රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් වර්ජනය කිරීමට ඇතැම් රටවල සූදානම් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇමරිකාව දැනටමත් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහ අවසන් අවස්ථාවට සිය නිලධාරින් සහභාගී නොකරන බව ප්‍රකාශ කර ඇති බවයි.