Sunday, April 28, 2024

General line - 0115112241

භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් එකට ගැටෙයි : එක් යාත්‍රාවක් මුහුදු බත්වෙයි (PHOTOS)




දකුණු ස්වීඩනයට ඔබ්බෙන් වූ බෝල්ටික් මුහුදේදී බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගැටීමෙන් එක් නෞකාවක් මුහුදු බත් වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඩෙන්මාර්කයේ සහ ස්වීඩන් බලධාරීන් පැවසුවේ මෙම සිදුවීමෙන් නෞකාවන් හි සිටි නාවිකයින් දෙදෙනෙකු අතුරුදහන්ව ඇති බවයි.

ස්වීඩනයේ යස්ටාඩ් නගරයට දකුණින් ඩෙන්මාර්කයේ බෝර්න්හෝම් දූපතට ආසන්නව මෙම සිදුවීම සිදුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

අනතුරට පත්වූ ඩෙන්මාර්ක් නෞකාව ස්වීඩන වෙරළාරක්ෂක භටයින් විසින් ස්වීඩනයට රැගෙන යෑමට පියවර ගෙන තිබෙන අතර එම නෞකාවෙන් මුහුදු ජලයට තෙල් ගලා යාමට පටන් ගෙන ඇති නිසා බවයි ස්වීඩනයේ මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

සහන සේවා සඳහා මේ වන විට යාත්‍රා 11 ක්, එක් ගුවන් යානයක් සහ එක් හෙලිකොප්ටරයක් ​​එක්ව ඇති අතර සිද්ධිය සම්බ්න්ධයෙන් විශේෂ විමර්ෂණයක් සිදුකරන බවයි ඩෙන්මාර්ක් බලධාරින් සඳහන් කළේ.

මෙම අනතුරට හේතුව පැහැදිලිවී නොමැති අතර ඇතැම් විට පැවති ඝන මීදුම් තත්ත්වය ඊට හේතුවක් වන්නට ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ.