Sunday, April 28, 2024

General line - 0115112241

පකිස්තානයේ වෛද්‍යවරුන් 23 දෙනෙකු අත්අඩංගුවට




මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් පකිස්තානයේ  වෛද්‍යවරැන් 23 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිසට අමතරව හෙදහෙදියන් ඇතුළු තවත් සෞඛ්‍ය සේවකයන් පිරිසක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නව නියාමන රෙගුලාසි පද්ධතියක් හදුන්වාදීම සහ නිසි පහසුකම් නොමැතිව කොරෝනා ප්‍රතිකාර සදහා අනුයක්ත කිරීමට එරෙහිව කරච්ච් හිදී පකිස්තාන සෞඛ්‍යය සේවකයන් විශාල පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ බවයි.

ඔවුන් විරෝධතා පෙළපාලියකින් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය දෙසට ගමන් කිරීමේදී පොලිසිය මැදිහත් වී එය විසුරැවා හැර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් එරට ඇතැම් ප්‍රදේශවල සෞඛ්‍ය සේවකයන් වැඩවර්ජන ආරම්භ කර ඇති බව ද එරට වාර්තා වැඩිදුරටත් සදහන් කළා.