Tuesday, May 7, 2024

General line - 0115112241

අමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 8 ඉක්මවයි




කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන ලක්ෂ 08 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව අමෙරිකාවෙන් මේවනවිට කොරෝනා මරණ අට ලක්ෂ 21,335 ක්. 

ඉකුත් පැය 24 දීද ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අමෙරිකාවෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 1,598 ක්. ඒ අනුව කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලොව වැඩිම පුද්ගලයින් පිරිසක් මියගොස් ඇත්තේ අමෙරිකාවේයි. එලෙස මියගොස් ඇති පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සහ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලබා නොගත් පිරිස් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

කෙසේවෙතත් ඉකුත් 2020 වසරට සාපේක්ෂව අමෙරිකාවෙන් වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ 2021 වසරේදීයි. එමෙන්ම අමෙරිකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ වලින් අවසන් මරණ ලක්ෂය වාර්තා වී ඇත්තේ පසුගිය සති 11 තුලදී වීම සැලකිය යුතු අවදානම් තත්ත්වයක් බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. 

අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද මිලියන පහේ සීමාව ඉක්මවා තිබෙනවා. මේවනවිට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් ද එරට ප්‍රාන්ත කිහිපයකින්ම හඳුනාගෙන ඇති අතර ඇතැම් ප්‍රාන්තවල කොරෝනා රෙගුලාසි දැඩි කිරීමටයි බලධාරීන් මේවනවිටත් පියවර ගෙන ඇත්තේ.