Thursday, May 16, 2024

General line - 0115112241

එන්නත් ලබා නොගතහොත් මරණයේ සීත ඍතුව පැමිණෙනු ඇතැයි අමෙරිකානු ජනපතිගෙන් අනතුරු ඇගවීමක්




අමෙරිකාව තුළ ද ඔමික්‍රෝන් ප්‍රභේදය සීග්‍රයෙන් ව්‍යාප්ත වනු ඇතැයි ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. ඒ අනුව තවමත් එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් සීත ඍතුව තුලදී රෝගවලට ලක්වීම හා මියයාම ඉහළ යනු ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළා. 

එබැවින් හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසයි අමෙරිකානු ජනාධිපතිවරයා එරට වැසියන්ට දැනුම් දී ඇත්තේ. එන්නත්කරණයට ලක්වී ඇත්නම් රෝගවලින් මෙන්ම මරණයෙන් ද ආරක්ෂාවීමට අවස්ථාවක් ලැබෙනු ඇති බවයි ජනාධිපති බයිඩ්න් අවධාරණය කළේ. 

මේවනවිට අමෙරිකාවේ ප්‍රාන්ත 36 කින් ඔමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වී ඇතැයි එරට රෝග පාලන මධ්‍යස්ථානය පවසනවා. 

මේ අතර ඉන්දියාව තුළ ද ඔමික්‍රෝන් ප්‍රභේදය මේවනවිට සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 

එම අමාත්‍යංශයේ වාර්තාවල දැක්වෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත 19 ක් ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තවීමේ අධි අවදානමක පවතින බවයි. එරට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් හඳුනා ගැනුණු ඔමික්‍රෝන් ආසාදිතයින් අතර වයස අවුරුදු 03 ක පිරිමි දරුවෙකු හා අවුරුදු එකහමාරක් වයසැති ගැහුණු දරුවෙකු ද වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

මේ දක්වා ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 101 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය නොවන සංචාරය හා මහජන ඒකරාශීවීම්වලින් වළකින ලෙසයි ඉන්දීය සෞඛ්‍ය අංශ එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ.