Friday, May 10, 2024

General line - 0115112241

වසරේ මේ දක්වා කාලය තුළ ගෑස් ආශ්‍රිත සිදුවීම් 847 ක්




වසරේ මේ දක්වා කාලය තුළ ගෑස් ආශ්‍රිත සිදුවීම් 847 ක් වාර්තා වී ඇති බව ගෑස් අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කමිටුවේ සාමාජික, බස්නාහිර පළාත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. 

ජනාධිපති මාධ්‍ය කේන්‍ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ 2020 වසරේ ගෑස් අනතුරු 31 ක් සහ 2019 වසරේ ගෑස් අනතුරු 18 ක් පමණක් වාර්තා වී ඇති බවයි. 

අනතුරුවලට ලක් වූ ගෑස් ලිප්වලින් බහුතරයක් අදාළ නිවෙස්වලට ත්‍යාග ලෙස ලැබූ ඒවා බවද ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවා.

ගෑස් උපකරණවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කළා.

මෙම මාධ්‍ය හමුවට තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා ද සහභාගි වුණා.

ප්‍රමිති ආයතනය ලබාදුන් ප්‍රමිතීන්ටද අනුකූල ගෑස් මේ වනවිට වෙළදපොලට නිකුත් කරන බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙසර ජයසිංහ පැවසුවේ.