Friday, May 10, 2024

General line - 0115112241

ගෑස් අනතුරු වාර්තාව ජනපති අතට 




ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා  ඒ සඳහා විසඳුම් සෙවීමට පත්කළ කමිටුවේ අවසන් වාර්තාව අද පස්වරුවේ ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.

 ඒ, එම කමිටුවේ සභාපති මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පලගේ විසින්. 

එම කමිටුව සති දෙකක කාලයක් ඇතුළත මෙම වාර්තාව සකස් කර තිබෙනවා. ඒ, ලිට්රෝ හා ලාෆ් යන ගෑස් සමාගම් දෙකෙහි ස්ථානගත පරීක්ෂාව සහ කරුණු විමසීම් ඇතුළුව ආයතන 11කින් කරන ලද විමර්ශන, ගිනිගැනීම් හා පුපුරායාම් සිදු වූ ස්ථාන 17ක් මෙන්ම ජනතා අදහස් ද සැලකිල්ලට ගනිමින්. 

කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ පැවසුවේ ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීමේ දී සිදුවීම් හඳුනාගැනීම සහ අනතුරු සඳහා වූ මූලික හේතු යන ප්‍රධාන කාරණා දෙක ඔස්සේ පූර්ණ වාර්තාවක් සකස් කළ බවයි.