Wednesday, May 8, 2024

General line - 0115112241

ඔමික්‍රෝන් නිසා නත්තල් නිවාඩුවත් ලෝකයට අහිමිවන ලකුණු




ලොව පුරා ව්‍යාප්ත වන ඔමික්‍රෝන් ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා. ඔවුන් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ එළඹෙන ඇතැම් නිවාඩු සැලසුම් අවලංගු කරන ලෙසයි. ඒ, ඔමික්‍රෝන් ප්‍රභේදය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන බැවින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ අරමුණින්.

අවලංගු කළ හැකි සිදුවීමක් අවලංගු කිරීම ජීවිතයට වඩා යෝග්‍ය බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් පවසා ඇත්තේ. එය දුෂ්කර තීරණක් වුවත් මේ මොහොතේ ගත හැකි හොඳම තීරණය එය වනු ඇති බවද ඔහු පවසනවා. 

ඇතැම් සැමරුම් අවලංගු කිරීම වඩා යෝග්‍ය බවත්, එසේ නොමැකති නම් ඒවා ප්‍රමාද කිරීම හෝ සිදුකළ යුතු බවයි ලා්ක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ. එහි ප්‍රධානියා පවසන්නේ ඔමික්‍රොන්, ඩෙල්ටා ප්‍රභේදයට වඩා සැලකිය යුතු වේගයෙන් ව්‍යාප්ත වන බවට මේ වන විට සාක්ෂි ලැබී ඇති බවයි.

මේ වන විටත් ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු රටවල් රැසක් එළඹෙන උත්සව සමයේදී කොවිඩ් සීමාවන් දැඩි කර සංචාරක සීමා පනවා ඇති අතර නෙදර්ලන්තය නත්තල් කාලය තුළ දැඩි අගුලු දැමීමක් හඳුන්වා දී තිබෙනවා. කෙසේවෙතත් අමෙරිකාව පැවසුවේ රට අගුලු දැමීම පිලිබඳ සැලසුම් නොකරන බවයි. 

කෙසේවෙතත් අමෙරිකාවේ ප්‍රධානතම බෝවන රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ඇන්තනි ෆවුසි අනතුරු අගවා ඇත්තේ නත්තල් සමයේ සංචාරය කිරීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම එන්නත් කළ අය අතර පවා ඔමික්‍රෝන් පැතිරීම වේගවත් කරනු ඇති බවයි. ස්පාඤ්ඤය, ෆින්ලන්තය, සහ ලෙබනනය ඇතුළු ස්ථාන අටකට සංචාරය කිරීමෙන් වළකින ලෙසයි ඇමරිකානුවන්ට දැනටමත් උපදෙස් දී ඇත්තේ.