Friday, May 10, 2024

General line - 0115112241

ගුවන් යානයක් පයාගලට හදිසියේ ගොඩබායි




මෙරට පෞද්ගලික ගුවන් සමාගමකට අයත් ගුවන් යානාවක් පයාගල සහ බේරුවල අතර ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකර ඇති බව වාර්තා වනවා. 

ඒ එම ගුවන් යානයේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන්.

මෙම කාර්මික අනතුර සිදුවූ අවස්ථාවේදී එම ගුවන් යානයේ දෙදදෙනකු ගමන් කර ඇති අතර  ඔවුන් කිසිවකුට අනතුරක් සිදු වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කළේ  පෞද්ගලික ගුවන් සමාගමකට අයත් සැහැල්ලු ගුවන් යානයේ එංජිමක ඇතිවූ කාර්මික දෝෂය හේතුවෙන් යානය ආරක්ශාකාරිව බේරුවල ප්‍රදේශයේ මුහුදු වෙරළට ගොඩ බස්වා ඇති බවයි.