Friday, May 10, 2024

General line - 0115112241

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 03ක් මෙරටින් හමුවෙයි




මෙරටින් තවත් ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් තිදෙනෙකු මෙරටින් හඳුනා ගෙන ඇති බව වෛරස් රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසනවා.

මෙම ආසාදිතයින් තිදෙනා විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ.

මෙම ආසාදිතයින් ටැන්සානියාවේ සිට සහ සුඩානයේ සිට පැමිණි අයවලු බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර සිටියේ.
 
ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනා ගෙන ඇති ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් සංඛ්‍යාව 07 දෙනෙකු වනවා.