Friday, May 10, 2024

General line - 0115112241

බස් ගාස්තු ගැණ තීරණය සතියකින්




පවතින මිල සූත්‍රයට අනුව බස් ගාස්තු වැඩි කළ යුතු ආකාරය ගණනය කර, සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දි තිබෙනවා. 

ඒ, රාජ්‍ය අමාත්‍යවරයා සහ බස් සංගම් නියෝජිතයින් අතර අද පැවති සාකච්ඡාවේදීයි. 

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නද එම සාකච්ඡාවට එක්ව සිටියා. සාකච්ඡාවේදී ඇති කර ගත් එකගතා සම්බන්ධයෙන් ඔහු නෙත් නිවුස් වෙත කරුණු දැක්වූයේ මෙලෙසයි. 

සියයට 15ත් 20ත් අතර ප්‍රතිශතයකින් බස් ගාස්තු වැඩිකරුනු ඇතැයි අපේක්ෂා කළ හැකිබවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මෙහිදී සඳහන් කළා.