Friday, May 10, 2024

General line - 0115112241

බ්‍රිතානයේ  දෛනික ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි 




බ්‍රිතානයේ වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ ගතවූ පැය 24 දී එරටින් කොරෝනා ආසාදිතයින් එක් ලක්ෂ 6, 122 දෙදෙනෙකු වාර්තා වීමත් සමගයි. 

පෙරේදා දිනයේදී බ්‍රිතානයෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 90, 629 ක්. එරට සෞඛ්‍ය අංශ පවසන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බැවින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් ඇති බවයි. 

මේ අතර එංගලන්තයෙන් හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 69, 000 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ස්කොට්ලන්තයෙන් ඔමික්‍රෝන් ආසාදිතයින් 1652 දෙදෙනෙකු හා වේල්සයෙන් ඔමික්‍රෝන් ආසාදිතයින් 941 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි බි්‍රතාන්‍ය සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ අතර ඔස්ටේ්‍රලියාවෙන් හඳුනා ගැනෙන දෛනික කොරෝනා ආසාදිතයින් ගණන ද සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් ඇති බවයි විදෙස් මාධය පවසන්නේ. 

එරට වැඩිම ජනගහනයක් සිටින නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් මේවනවිට වාර්තාගත ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ සිඩ්නි නුවරින්. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පමණක් ගතවු පැය 24 දී කොරෝනා ආසාදිතයින් 5,715 දෙනෙකු හඳුනාගෙන තිබුණා.