Friday, May 10, 2024

General line - 0115112241

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් ප්‍රධානීන් කොළඹට කැඳවයි




කාබනික වගාවට පොහොර යෙදීමේදී මතුව ඇති ගැටළු හඳුනාගෙන විසඳුම් සෙවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මේවනවිට කොළමදී විශේෂ වැඩමුළුවක් පැවැත්වෙනවා. 

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ නෙත් නිවුස් වෙත කියා සිටියේ මෙරට නිෂ්පාදිත කාබනික දියර පොහොර සම්බන්ධයෙන් මතුවූ ගැටළු හඳුනාගෙන නිවැරදිව දියර පොහොර නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක් කරන බවයි. දිවයිනේ සියලුම දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරුන්, ගොවිජන සහකාර කොමසාරිස්වරුන්, පොහොර සහකාර අධ්‍යක්‍ෂවරුන් සහ පළාත් කෘෂිකර්ම අධ්‍යෂවරුන් ඒ සඳහා කැඳවා ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා. 

මේ අතර ආපසු හරවා යැවුණු චීන කාබනික පොහොරවල පරිසරයට හානි කර අර්වීනියා බැක්ටීරියාව හෝ වෙනත් අහිතකර දෑ අඩංගු නොවන බව සිංගප්පූරුවේ ආයතනයක් සිදුකළ පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. මෙරටින් හරවා යැවූ අදාළ පොහොර තොගය ඉන්දුනීසියාව මිලදී ගෙන ඇති බවට ද වාර්තා පළ වනවා. 

අදාළ පොහොර තොගය සඳහා චීන සමාගමට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුවට පනවා ඇති වාරණ නියෝගය ලබන ජනවාරි මස 06 වනදා දක්වා දීර්ඝ කිරීමටයි කොළඹ වාණිජ මහාධිකරණය අද නියෝග කළේ. අදාළ වාරණ නියෝගය ඉවත් කරනවාද? නැතහොත් දීර්ඝ කරනවාද? යන්න එදිනට තීරණය කරන බව ද කොළඹ වාණිජ මහාධිකරණය අද ප්‍රකාශ කළා.