Friday, May 10, 2024

General line - 0115112241

දුම්රිය ස්ථානාධිපති වර්ජනය පිටුපස සැගවුණු හේතු එළියට




අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නොනිකුත් කිරීමට ගනු ලැබූ තීරණය වෙනසකින් තොරව ක්‍රියාත්මක කරන  බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ මෙලෙසයි. 

දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් ඉවත් වුවහොත් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.
 

පසුගියදා සිදුකළ වැඩවර්ජනයට අදාළ දින සඳහා පඩි සහිත නිවාඩු ලබාදීම දුම්රිය ස්ථානාධිපති සංගමයේ ඉල්ලීම් අතර වන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.  

එම චෝදනාවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.