Friday, May 10, 2024

General line - 0115112241

සංචාරකයන් වැඩිවෙද්දී ග්‍රෙගරි වැව හිස් කරයි

රංජිත් රාජපක්‍ෂ




නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලය හිස් කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් තමන් දැඩි අසීරුතාවන්ට ලක්ව ඇති බව ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සාමාජිකයින් පවසනවා. 

නුවරඑළිය මහ නගර සභාව ඊයේ දිනයේ සිට වැවේ ජලය හිස් කිරීමට තීරණය කර ඇත්තේ වැව් ඉවුරේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීම ඇතුළු ග්‍රෙගරි වැව සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පවසමින්. 

කොවිඩ් වසංගතය හේතුවෙන් මාස ගණනාවක් සංචාරකයින් නොපැමිණි නුවරඑළිය නගරයට සංචාරකයින් පැමිණීම නැවත ආරම්භවීමත් සමග ගෙන ඇති මෙම තීරණය හේතුවෙන් තමන් ආර්ථික වශයෙන් අසිරුතාවන්ට පත්වන බවයි ග්‍රෙගරි වැවේ සංචාරක බෝට්ටු පදවන්නන් මැසිවිලි නගන්නේ.