Friday, May 10, 2024

General line - 0115112241

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය ජනපති ප්‍රධානත්වයෙන් සැමරේ




ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා 77 වන සැමරුම කටුනායක, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ දී අද සමරනු ලැබුවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන්තවයෙන්. දෙවන ලෝක යුද සමයෙන් පසු 1944 වසරේදී රටවල් 26ක එකතුවෙන් ගුවන් ගමන් නියාමනය සහ සම්බන්ධීකරණය සඳහා චිකාගෝ සම්මුතිය අත්සන් තැබුණා. 

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය ආරම්භ කෙරුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. 1948 වසරේ ජුනි මස පළමු වනදා ශ්‍රී ලංකාවට එම සංවිධානයේ සාමාජිකත්වය හිමි වූ අතර මේ වනවිට එහි සාමාජික රටවල් සංඛ්‍යාව 193ක්.

1912 වසරේ දෙසැම්බර් 07 වන දින ශ්‍රී ලංකාවේ ගුවන් ඉතිහාසයට නව සනිටුහනක් එක් කරමින් දේශීය ප්‍රථම ගුවන් ගමන කොළඹ තුරඟ තරග පිටියේ දී සිදු වුණා. එම සිදුවීම් සිහිපත් කරමින් සෑම වසරකම දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය මෙරටදී සමරනු ලබනවා. 

මෙම උත්සවයට සමාගාමීව සිවිල් ගුවන් සේවා කටයුතු ආශ්‍රිත නව නිර්මාණකරුවන් ඉදිරිපත් කළ ප්‍රදර්ශනය නැරඹීමටද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.