Monday, April 29, 2024

General line - 0115112241

වෛද්‍ය සහ දුම්රිය තීරණාත්මක සාකච්ඡා ඇරඹෙයි




දුම්රිය ස්ථානාධිපතිවරුන් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජන සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා දෙකක් මේ වනවිට පැවැත්වෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සදහා මේ වනවිට පැවැත්වෙන සාකච්ඡාවෙන් විසදුමක් නොලැබුණහොත් දීපව්‍යාප්ත වර්ජනයකට යන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.

මේ අතර මේ වනවිට පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබද තීරණයක් ගන්නා බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ.

මේ අතර දින 4 ක් තිස්සේ ක්‍රියාත්මක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනය අසාධාරණ බව වෛද්‍ය පරිපාලකයින්ගේ සංසදය පවසනවා. එහි සභාපති වෛද්‍ය අර්ජුන තිලකරත්න පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් පදනම් විරහිත ජනතාව නොමග යවන ඉල්ලීම් බවයි.