Wednesday, May 8, 2024

General line - 0115112241

නවතම ත්‍රස්ත තර්ජනයක් ගැන චීනයෙන් අනතුරු ඇගවීමක්




ඇෆ්ගනිස්තානය පදනම් කරගත නව ත්‍රස්තවාදයක් පිළිබද චීනය ලෝකයට අනතුරු අගවනවා.

චීනයේ සහකාර විදේශ අමාත්‍ය වූ ජින්ග්හාඕ මෙම අනතුරැ ඇගවීම සිදුකළේ ත්‍රස්තවාදය මැඩලීම පිළිබද සමුළුවකට එක්වෙමින්.

ඇෆ්ගනිස්තානය පදනම් කරගෙන අයිඑස්අයිඑස් ,අල්කයිඩා, සහ තවත් අන්තවාදී ත්‍රස්තවාදී  කල්ලි ගණනාවක් ප්‍රතිසංවිධානය වෙමින් ඇතැයි ඔහු එහිදී අනාවරණය කළා.

මෙම නව ත්‍රස්තවාදී මුහුණුවර හුදු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඔබ්බට ගොස් සයිබර් ප්‍රහාර වැනි තාක්ෂණික ප්‍රවේශයන් ඔස්සේ ද ක්‍රියාත්මක වීමේ අවදානමක් ඇති බවයි ඔහු එහිදී සදහන් කළේ.

මෙම තත්වය පාලනය කිරීම එක් රටකට පමණක් කළ හැක්කක් නොවන බව ද ඔහු එහිදී කියා සිටියා.

නව ත්‍රස්ත තර්ජනය මැඩලීම සදහා ලෝක මට්ටමේ සහයෝගීතාවක් අත්‍යවශ්‍ය බවයි චීනයේ සහකාර විදේශ අමාත්‍ය වූ ජින්ග්හාඕ වැඩිදුරටත් අවධාරණය කළේ.