Monday, April 29, 2024

General line - 0115112241

වර්ජනයකට යනවාද? නැද්ද? දුම්රිය බලධාරීන් සහ වෘත්තීය සමිති අතර තීරණාත්මක සාකච්ඡාව පෙරවරුවේ




දුම්රිය ස්ථානාධිපති සංගමය සහ දුම්රිය බලධාරීන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙනවා. අද පෙරවරු 10 ට ආරම්භ වන  එම සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට විසඳුමක් නොලැබුණහොත් දීපව්‍යාප්ත දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ. 

දුම්රිය ස්ථානාධිපති සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් 10 න් 8 කට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එකග වී ඇති බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ.