Wednesday, May 8, 2024

General line - 0115112241

මැද පෙරදිග කළඹන අලුත් මත්ද්‍රව්‍යයක් ගැන හෙළිවේ




කැප්ටගන් නම් ඖෂධය මැදපෙරදිග කලාපයේ තරැණයන් අතර මත්ද්‍රව්‍යයක් ලෙස බහුලව සහ වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි වාර්තාවනවා.

මානසික රෝග සදහා යොදා ගන්නා මෙම ඖෂධය එහි ඇති ඇබ්බැහිවීමේ ස්වභාවය නිසාම අසූව දශකයේදී නිෂ්පාදනය තහනම් කරනු ලැබුවා.

එහෙත්, මේ වනවිට එම ඖෂධය මත්ද්‍රව්‍යයක් ලෙස නීති විරෝධීව මහා පරිමාණයෙන්  නිෂ්පාදනය කෙරෙමින් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අවශ්‍ය අමුද්‍රව්‍ය පහසුවෙන් සහ අඩුමිලට ⁣සපයාගත හැකිවීම හේතුවෙන් මෙය අඩුමිලකට වෙළෙද පළට පැමිණෙන බවත් දුප්පතාගේ කොකේන් ලෙස ප්‍රචලිතව ඇති බවත් සදහන්.

සවුදි අරාබිය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේටය යන රටවල  මේ වනවිට මෙම මත්ද්‍රව්‍යය පුලුල් ලෙස ව්‍යාප්ත වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙය නීති විරෝධී ලෙස නිෂ්පාදනය කිරීම අතින් සිරියාව සහ ලෙබනනය කැපී පෙනෙන බව ද විදෙස් වාර්තාවල දැක්වෙනවා.

2020 වර්ෂයේදී පමණක්, සිරියානු බලධාරීන් විසින් නීති විරෝධීව නිෂ්පාදනය කරන ලද ඩොලර් බිලියන 3.46 ක් වටිනා මෙම ඖෂධ තොග අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.