Saturday, April 27, 2024

General line - 0115112241

පාතාල කල්ලි සාමාජික සන්ශයින් සුද්දා ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු ලක්ෂ 10ක මුදල් ද සමග අත්අඩංගුවට




සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු තඹුත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ටින්කර් ලසන්ත නැමැත්තාගේ සමීපතමයෙකු බවටයි පැවසෙන්නේ. 

ටින්කර් ලසන්ත යනු තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන සන්ශයින් සුද්ද ඝාතනයේ ප්‍රධාන සැකකරුද වනවා. 

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සතුව තිබී රුපියල් ලක්ෂ 10කට අධික මුදලක්ද සොයා ගෙන තිබෙනවා.