Saturday, April 27, 2024

General line - 0115112241

නාසයෙන් දෙන කොරෝනා එන්නත් බිලියනයක් 2022දී




දියරයක් ලෙස නාසයට ඉසිනු හෝ බිංදු ලෙස වත්කරනු ලබන කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබන වසරේදී හදුන්වාදීමට ඉන්දියාව සූදානම් වනවා.

මේ වනවිට සාර්ථකව සායනික පරීක්ෂණ අවසන් වී ඇති මෙම එන්නතේ නිෂ්පාදන කටයුතු ලබන ජනවාරි මාසයේදී ආරම්භ කෙරෙනු ඇති.

බීබීවී 154 ලෙස නම් කර ඇති මෙම නාසයෙන් ලබාදෙන කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දීය රාජ්‍ය සමාගමක් වන  භාරත් බයෝටෙක් ආයතනයයි.

මෙම එන්නත වෛද්‍ය උපදෙස් මත නිවසේදීම භාවිතා කිරීමේ හැකියාව එකක් බවයි ඉන්දීය බලධාරීන් පවසන්නේ.

වාර්ෂිකව එන්නත් බිලියනය බැගින් නිපදවා, විදේශ ආයතනවලද සහයෙන් මෙම එන්නත ගෝලීයව බෙදාහැරීමට සැලසුම් කර ඇති බව භාරත් බ⁣යෝටෙක් ආයතනය සදහන් කරනවා.

සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දේශිය නිෂ්පාදනයක් මෙන්ම එරට තුළ එන්නත්කරණයට යොදාගත් ප්‍රමුඛම එන්නතක් වූ කොවැක්ෂින් එන්නත නිෂ්පාදනය කළේද ⁣භාරත් බයෝටෙක් ආයතනයයි.