Sunday, May 5, 2024

General line - 0115112241

මිල වැඩිවුණත් කිරිපිටි හිඟය තවදුරටත්




මිල වැඩි කළද වෙළදපොලේ පවතින කිරිපිටි හිඟය තවදුරටත් පවතිනු ඇතැයි කි්රිපිටි ආනයනයකරුවන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර පැවසුවේ පවතින ඩොලර් හිඟය අවසන් වන තෙක් කිරිපිටි හිඟය පවතිනු ඇති බවයි.

මේ වනවිට කොළඹ වරායේ කිරිපිටි තොග සහිත කන්ටේනර් සිරවී නොමැති බවයි කිරිපිටි ආනයකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී වැඩිදුරටත් සදහන් කළේ.

ආනයනික කිරි පිටි කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 150කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් ඉහළ දැමුණේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි. ඒ අනුව කිරිපිටි කිලෝ ග්‍රෑම් 01 පැකට්ටුවක නව මිල 1,345ක් දක්වාත් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 540ක් දක්වාත් ඉහල ගොස් තිබෙනවා.

මේ අතර දියර කිරි මෙන්ම දේශීය කිරිපිටි මිල ද ඉහළ යා හැකි බවයි පශූ සම්පත් සංවර්ධන මණ්ඩලය පවසන්නේ. කෙසේවෙතත් මාසයකට ආසන්න කාලයක සිට රට පුරා පවතින උග්‍ර කිරිපිටි හිඟය හේතුවෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.